Hermann Gmeiner School,

හර්මන් මයිනර් විද්‍යාලයීය වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

page-header-1900x320.jpeg
hgs.png

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන්

  • කොණ්ඩය ඉහලින් අංක 04 ප්‍රමාණයෙන් ද පහලින් අංක 02 ප්‍රමාණයෙන් ද කපා තිබිය යුතුය.
  • රැවුල කපන්නේ නම්, දිනපතා උදෑසන රැවුල කපා තිබිය යුතු අතර, විවිධ විලාසිත සිදු කර නොතිබිය යුතුය.
  • ශිෂ්‍ය නායකයන් හා ශිෂ්‍ය භටයන් හැර අනෙතුක් ශිෂ්‍යයන්ගේ කමිසය අත් කොට විය යුතුය. කමිස අත වැලමිටේ සිට ඉහලට අගල් 2 කට වඩා වැඩි නොවිය යුතුය.
  • ශිෂ්‍ය නායකයන් හා ශිෂ්‍ය භටයන් වැලමිටේ සිට අගල් 2 ක් ඉහලට අගල් 2.5 - 3 ප්‍රමාණයේ පළලට කමිස අත නැවිය යුතුය.
  • කමිසයේ විවෘත සාක්කුවක් තිබිය යුතු අතර පාසල් නිල ලාංඡනය කමිස සාක්කුවට මසා තිබිය යුතුය.
  • කමිසයේ හා කලිසමේ (ෆීලීට් හැර) ඉරි සිටින සේ මැසීම මෙන්ම මැදීමද නොකල යුතුය.
  • කමිසය අඳින විට කලිසමට හොදින් යට කර තිබිය යුතුය.
  • 1-9 ශ්‍රේණි සිසුන් නිල් කොට කලිසම හා 10 – 13 ශ්‍රේණි සිසුන් සුදු දිග කලිසම ඇදිය යුතුය.
  • කලිසම ඇඟට හිර නොවන සේ ඉනට ඇඳිය යුතුය.
  • කලිසමේ පිටුපස ඇතුළතින් මසන ලද (දකුණු පසට) එක් සාක්කුවක් පමණක් තිබිය යුතුය.
  • කලිසමේ පහළ කෙළවර (ෆෝල්ඩ් එක) අගල් 14 - 16 ප්‍රමාණයේ විය යුතුය.
  • කලිසම ඉදිරිපස රැළි දෙකක් (ෆ්ලීට්) පමණක් විය යුතුය. (එක් පසකට දෙක බැගින්)
  • සුදු දිග කලිසමේ පහළ කෙලවර සපත්තුවේ ස්පර්ශ වන සේ තිබිය යුතුය.
  • නිල් කොට කලිසම දනහිසෙහි සිට ඉහලට අගල් 2 කට වැඩි නොවිය යුතුය.
  • පොලිෂ් කළ හැකි කළු සපත්තු පමණක් පැළදිය යුතු අතර ඉදිරිපස අනවශ්‍ය පරිදි උල් නොවිය යුතුය.
  • 1 - 9 ශ්‍රේණි සිසුන් නිල් ඉරි දෙකක් සහිත සුදු මේස් පැළදිය යුතු අතර 10 - 13 ශ්‍රේණි සිසුන් කළු මේස් පමණක් පැළදිය යුතුය.
  • නියපොතු කොටට කැපිය යුතුය.
  • මාල, මුදු වැනි ආභරණ පැළදීම නොකල යුතු අතර සුදු පැහැති පිරිත් නූල් හැර වෙනත් නූල් බැදීම නොකල යුතුය.
  • නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.
 

 

ගැහැණු ළමුන් (1-13)

  • කොණ්ඩය කපන්නේ නම්, උරහිසේ නොගෑවෙන පරිදි කැපිය යුතුය. වවන්නේ නම්, තනි කොණ්ඩය ගොතා මදක් උඩට සිටින සේ (හිස මුදුනට නොවන සේ) නිල් පැහැති වූල් බෑන්ඩ් එකක් දමා කොණ්ඩය අග නිල් පැහැති රිබන් පටියක් ගැට ගැසිය යුතුය.
  • කොණ්ඩයේ කොළවර දක්වාම සම්පූර්ණයෙන් ගෙතිය යුතු අතර කෙළවර ඉතිරි නොකළ යුතුය.
  • කොණ්ඩය මුහුණට වැටේ නම් කළු කොණ්ඩ කටු ගැසිය යුතු අතර කන් දෙන පෙනෙන පරිදි තිබිය යුතුය.
  • හැට්ටය ඉදිරිපස බෙල්ලේ සිට අගල් 1.5 කට වඩා වැඩි නොවිය යුතුය.
  • ශිෂ්‍ය නායිකාවන් හැර අනෙතුක් ශිෂ්‍යාවන් අත් කොට හැට්ටය ඇදිය යුතු අතර හැට්ට අත වැලමිටේ සිට අගල් 2 කට වඩා අඩු නොවිය යුතුය.
  • ශිෂ්‍ය නායිකාවන් වැලමිටේ සිට අගල් 2 ක් ඉහලට අගල් 2.5 - 3 ප්‍රමාණයේ පළලට හැට්ට අත නැවිය යුතුය.
  • හැට්ටයේ විවෘත සාක්කුවක් තිබිය යුතු අතර පාසල් නිල ලාංඡනය හැට්ට සාක්කුවට මසා තිබිය යුතුය.
  • හැට්ටයේ ඉරි සිටින සේ මැසීම මෙන්ම මැදීම ද නොකල යුතුය.
  • හැට්ටය අඳින විට සායටට හොදින යට කර තිබිය යුතුය.
  • නිල් පැහැති සාය ඇදිය යුතු අතර රැල්ලක ප්‍රමාණය අගල් 1.5 විය යුතුය.
  • සාය ඉනට ඇදිය යුතු අතර දණහිසෙන් පහලට දණහිස වැසෙන සේ දික් විය යුතුය.
  • නිල් ඉරි දෙකක් සහිත සුදු මේස් පැළදිය යුතුය.
  • කළු පැහැති විලාසිතාවන්ගෙන් තොර රෑපයේ පෙනෙන ආකාරයේ සපත්තු පැළදිය යුතුය.
  • කරාබු පැළදීමේදී විසිතුරු කරාබු නොපැළදිය යුතුය.
  • මාල, මුදු වැනි ආභරණ, අත් ඔරලෝසු පැළදීම නොකළ යුතුය.
  • නිය ආලේපන, තොල් ආලේපන ගැල්වීම නොකළ යුතු අතර ඇහිබැමි සැකසීම වැනි විලාසිතා නොකළ යුතුය.
  • නියපොතු කොටට කැපිය යුතුය.
  • සුදු පැහැති පිරිත් නූල් හැර වෙනත් නූල් බැදීම නොකළ යුතුය.