1985 වර්ෂයේදී ඇරඹි මෙම පාසල ගොඩනැගිලි රටාව , භූ අලංකරණය, ඉගෙනුම් සංකල්ප ආදියෙන් ශ්‍රී ලංකාවේ ඇති සුවිශේෂීතම පාසලකි. 2011 වසරේ වත්මන් විදුහල්පතිතුමියගේ පැමිණීම පාසල තුළ විශාල පිබිදීමක් ඇති කළේය. ශිෂ්‍ය ශිෂ්‍යාවන් ප්රමුඛ පාසල් ප්‍රජාව ඉලක්ක කරගත් ස්ථිරසාර සැලසුම් සහගත ක්‍රියාමාර්ග නිසා පාසලේ සුවිශේෂී සංවර්ධනයක් සිදු විය. වර්තමානය වන විට හර්මන් මයිනර් විද්‍යාලය විෂයානුබද්ධ , විෂය සමගාමී , විෂය බාහිර , පෞරුෂ සංවර්ධන ආදී සෑම ක්ෂේත්රයකම පාහේ සමබර දියුණුවක් සහිත අංග සම්පූර්ණ පාසලකි. ඊට අමතරව විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම්වලින්ද සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීමට හැකි විය. නර්තන , ක්‍රීඩා ,සංගීත, සිංහල භාෂා දින තරඟවලින් සහ ඉංග්‍රීසි භාෂා තරඟවලින් පළාත් සහ සමස්ථ ලංකා මට්ටමේ ස්ථාන විශාල ප්‍රමාණයක් දිනා ගැනීමට සමත් විය. ඔවුන්ගේ දරුවන්ගේ සමබර පෞරුෂ වර්ධනය සඳහා ක්‍රීඩා උළෙලක්, කලා උළෙලක්, ත්‍යාග ප්‍රදානෝත්සවයක්, ශිෂ්‍ය සංචාර, විවිධ විධිමත් සැලසුම්ගත වැඩසටහන් පාසලේ අධ්‍යාපනය, පාසලේ ඉක්මන් ප්‍රමාණාත්මක සහ ගුණාත්මක සංවර්ධනය හේතුවෙන් දැකිය හැකිය.
විශ්ව සමාජයේ අභියෝග ජයගත හැකි අභිමානවත් ගුණගරුක පුරවැසියෙක් බිහි කිරීම
ආදරය, සුරක්ෂිතභාවය හා ගරුත්වය සහිත ප්‍රියජනක පාසල් පරිසරයක් තුළ දරුවන් නව අධ්‍යාපන නිපුණතාවයන්ගෙන් හා සාරධර්මයන්ගෙන් පෝෂණය කර විභව්‍යතාවයන් පුබුදුවාලී