හර්මන් මයිනර් විද්‍යාලයීය වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම අද දින (2023-11-03) පිළියන්දල කලාප අධ්‍යාපන අධ්යක්ෂ කුමුදු හේමමාලි ද සිල්වා මැතිණියගේ සුරතින් සිදු විය.


තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ දී ශ්‍රී ලංකාවේ පාසල් අතර හර්මන් මයිනර් විද්‍යාලය පසුවන්නේ ඉතා ප්‍රබල ස්ථානයකය. අප විද්‍යාලයීය තොරතුරු තාක්ෂණ ඒකකය අවස්ථා ගණනාවකදීම ජාතික සම්මානයන්ට පාත්‍ර වූයේ තොරතුරු තාක්ෂණික වටාපිටාවක් පාසල තුළ බිහි කිරීම උදෙසා සිදු කරන ලද විශිෂ්ටතම දායකත්වයන් වෙනුවෙනි.
විද්‍යාලය වෙනුවෙන් අන්තර් ක්‍රියාකාරී වෙබ් අඩවියක් නිර්මාණය කොට අන්තර්ජාලය වෙත මුදා හරින මේ අවස්ථාවේදී සමස්ථ පාසල් ප්‍රජාව වෙනුවෙන් මාගේ ශුභාශිංසන පළ කර සිටිමි.
B.H.J පෙරේරා
නියෝජ්‍ය විදුහල්පති
හර්මන් මයිනර් විද්‍යාලය.
© 2026 Hermann Gmeiner School, - Piliyandala. All rights reserved. Design with by Webcomms Global | Help Desk