Hermann Gmeiner School,

හර්මන් මයිනර් විද්‍යාලයීය වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

page-header-1900x320.jpeg
hgs.png

වෙබ් අඩවි සංවර්ධන කණ්ඩායම

 
Play Video

Web Team

Hermann Gmeiner School Computer Society

 

2014 වර්ෂයේ සිට ක්‍රමිකව විහිදී යන ලෙස සකස් කරන ලද තොරතුරු තාක්ෂණ ක්‍රමෝපායික සැලසුමක ප්‍රතිඵලයන් ලෙස හර්මන් මයිනර් විද්‍යාලය සිය අභිමානවත් ගමන් මඟේ සුවිශේෂී සන්ධිස්ථානයන් කිහිපයක්ම පසු කරන ලදී.

2017 වසරේ දී සිය මානව සම්පත සංවර්ධනය කිරීම සඳහා HGS අපි නමින් සකස් කරන ලද ගුරු පුහුණු වැඩසටහන එම වසරේ හොඳම පාසල් විශිෂ්ඨ ව්‍යවහාරයක් ලෙස ජාතික සම්මානයට පාත්‍ර විය. එදා පටන් මේ වසර දක්වාම අඛණ්ඩව තොරතුරු තාක්ෂණ ආධිපත්‍යය හිමිකර ගැනීමට හර්මන් මයිනර් විද්‍යාලයට හැකියාව ලැබුනේ දිවයිනේ විශිෂ්ටතම පාසල් සියල්ලටම අභියෝගයක් වෙමිනි.

පසුගිය කොවිඩ් සමයේදී සමස්ථ පාසල් පද්ධතියම වසා දමා තිබූ යුගයක් මාර්ගගත පාසලක් ක්‍රියාත්මක කරමින් හර්මන් මයිනර් විද්‍යාලයීය ඉතිහාසයේ හොඳම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වාර්තා කරමින් තොරතුරු තාක්ෂණය සහ ඩිජිටල්කරණ යහභාවිතාවන් වෙනුවෙන් 2022 විශිෂ්ඨ ව්‍යවහාර ජාතික සම්මානයෙන් නැවතත් අප විද්‍යාලය පිදුම් ලැබීය.

සම්පූර්ණ පාසල් පරිපාලනමය කාර්යයන් ආවරණය කෙරෙන ලෙස සකස් කරන ලද ව්‍යාපෘති රාශිකය එකතුවකින් සමන්විත “ඩිජිටල් ඉස්කෝලේ” ව්‍යාපෘතිය 2023 වසරේදී විශිෂ්ඨ ව්‍යවහාර ජාතික සම්මානයෙන් නැවතත් පිදුම් ලබන්නේ එහි කූඨප්‍රාප්තිය සටහන් කරමිනි.

නව්‍ය මුහුණුවරකින් යුක්තව එළි දක්වන හර්මන් මයිනර් විද්‍යාලයීය නිල වෙබ් අඩවිය නිර්මාණය සඳහා නන් අයුරින් දායක වූ සැමට ස්තුතිය පළ කර සිටිමු.

 

 

The Hermann Gmeiner School has achieved significant milestones in its remarkable journey, thanks to the strategic IT plan that has been progressively implemented since 2014. A notable achievement occurred in 2017 when the HGS Api-designed teacher training program, aimed at enhancing the institution’s human resources, earned national recognition as the best school excellence practice of the year. From that point onward, Hermann Gmeiner School has maintained its leadership in the realm of IT, consistently outperforming other premier educational institutions on the island.

In a testament to its commitment to innovation and adaptability, the college received the 2022 Excellence in Practice National Award for its outstanding performance in IT and digitalization. This recognition was earned for successfully transitioning to online education during the challenging period of the COVID-19 pandemic, achieving the best average results in the institution’s history.

In 2023, the “Digital School” project, which encompasses a multifaceted array of initiatives meticulously crafted to optimize and streamline school administrative functions, achieved yet another notable milestone by securing a national Excellence Award. This prestigious accolade serves as a testament to the project’s unwavering commitment to excellence and its continued success in advancing the realm of educational administration.

 This consistent record of excellence underscores the dedication and hard work of all those who contributed to the development of the official Hermann Gmeiner School website, which has been presented with a cutting-edge and innovative facelift. We extend our heartfelt gratitude to all individuals who have played a vital role in these achievements.

Web Team

 

Pamuditha Rasanjana

( Chief Web Designer )

Grade 10 – B

 
 

Kavisha Sanidu

( Content Creator )

13 Art

 

Ravindu Kodithuwakku

( Content Creator )

Non-Academics